• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට – ඇමති රාජිත කියයි

5 September 2018
in සංවර්ධන

ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර මහ රෝහලේ ඊයේ (04) පැවැති රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමකට එක්වෙමින්. 

මහනුවර මහ රෝහලේ අළුතින් ඉදිකරන ලද තැලසිමියා නිවාරණ ඒකකය සහ පරීක්ෂණ සදහා ලේ, මුත්‍රා සාම්පල ලබාගැනීමේ ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව මෙම රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ” සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතුයි. ප්‍රසම්පාදන කටයුතු මාස 03 කින් අවසන් කළ යුතුයි. නැතිව නිදහසට කරුණු කියලා වැඩක් නැහැ. රෝහල්වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ කඩිනමින් මිල දී ගත යුතුයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාදවීම නිසා ඇතැම් විට හිගයක් ඇතිවෙන්න පුළුවන්. කමිටුවලට දැනට පත් කර නොපැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතිවන අභියෝගවලට එවිට මුහුණ දෙන්න පුළුවන්.

මම අද දින මහනුවර මහ රෝහලේ යෝජිත සහනදායි රුධිර කාන්දුපෙරණ ඒකක සහ වකුගඩු රෝගීන්ගේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් නිරික්ෂණය කළා. එහි රෝගීන් 160 කට නේවාසිකව
ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 55 ක් එහි සවි කරනවා. එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට ද උපදෙස් ලබාදුන්නා. තවද මහනුවර මහ රෝහලේ ඉදිකරන මහල් 10 කින් යුත් පිළිකා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබාදුන්නා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1900 ක්. තැලසීමියා රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් මහල් 08 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකරනවා. එහි පහළ මහල දෙකෙහි ඉදිකිරිම් කටයුතු ලබන වසර වන විට අවසන් කිරීමට නියමිතයි. ඉන් පසු අපට තැලසීමියා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර
ආරම්භ කරන්න පුළුවන්.යැයි අමාත්‍යවරයා පැවසිය. 

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල් ගුණවර්ධන මහතා, රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු සහභාගි වී සිටියහ.

රසික ජයලත්

Post Views: 12
Previous Post

නාමල් බාබා…. ගැහුවොත් ගහනවා – ඇමැති මංගල කියයි 

Next Post

OPPO F9  ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හදුන්වා දෙයි 

editor

editor

Next Post

OPPO F9  ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හදුන්වා දෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved