සහී, සීනි, පරිප්පු, කඩවල, මුං ඇට, එළවළු සහ පලතුරු වැනි ඇසුරුම් නොකළ හෙවත් ලිහිල් (loose goods) භාණ්ඩ අලෙවි කිරීමේදී ඒවායේ මිල ගණන් පාරිභෝගිකයන්ට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළඳුන්ට දැඩිව මතක් කර දී තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 26 වැනි වගන්තිය යටතේ මිල ප්‍රදර්ශනය කිරීම වෙළඳ ප්‍රජාවගේ නීතිමය වගකීමක් වන අතර, පාරිභෝගිකයන් මිලදී ගැනීම් සිදුකිරීමට පෙර මිල ගණන් සහ මිනුම් ඒකක (කිලෝවක්, ග්‍රෑම් 100ක් හෝ එක් භාණ්ඩයක් සඳහා වන මිල) හොඳින් පරීක්ෂා කර බලා කටයුතු කරන ලෙස අධිකාරිය ඉල්ලා සිටී.
















