වයස අවුරුදු 32ක එක් දරු මවකට අවම ශල්‍යාගාර පහසුකම් යටතේ බරපතළ රෝගාබාධයකට සාර්ථක සැත්කමක් සිදු කර ඇಕೆಯ ජීවිතය බේරා ගැනීමට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එල්.එස්.කේ.කේ. ප්‍රියන්ත මධුරංග මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්ව තිබේ.
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ඉතිහාසයේ මෙවැනි ආකාරයේ සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සාර්ථක මෙහෙයුම සඳහා දායක වූ සියලුම වෛද්‍යවරුන්ට, වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ පොළොන්නරුව රෝහලට විශේෂඥ වෛද්‍යවරයා සිය කෘතඥතාව පළ කර ඇත.
















