• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආදායම ලබාදෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යෙදීමට කෝපා කමිටුවේ අවධානය

21 June 2022
in දේශීය

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතායි.

මෙම කාරක සභාව සඳහා මෙදින මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණි. මෙහිදී ICTA ආයතනය මෙම අනෙකුත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ සඳහා අවශ්‍ය මෘදුකාංග සකස් කිරීමේදී සහ උපදේශනය ලබාදීම පිළිබඳව සාකච්ඡා කෙරුණි.

විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන සහ ආදායම් පරිපාලන කළමනාකරණ පද්ධතිය සකස් කිරීමේදී ICTA ආයතනයේ සම්බන්ධවීම පිළිබඳවයි.

මෙහිදී ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන 2015 ආරම්භ කොට තවමත් අසාර්ථක තත්ත්වයේ පැවතීම පිළිබඳ සාකච්ඡා විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේ මෙම මෘදුකාංගය සකස්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට පරිගණක වැඩසටහන් සකස්කිරීම පිළිබඳ දැනුමක් නොමැති හෙයින් ICTA ආයතනයෙන් සහය ඉල්ලා සිටින විට ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් හෝ සහයෝගයක් ලබාදීමට මෙම ආයතනය කටයුතු නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කර නව තාක්ෂණය සමග මුසු කිරීමේ වගකීමද මෙම ආයතනය සතු බව හෙතෙම සඳහන් කළේය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බදු අයකරගැනීමට අදාළ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ පරිගණක වැඩසටහන (RAMIS) නිවැරදිව සකස්කරගැනීමට තවමත් නොහැකි වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ICTA ආයතනය විසින් සකස්කරන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව අවසාන වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් රාජ්‍ය ආයතන සඳහා සකස්කරදුන් මෘදුකාංග පිළිබඳව, උපදේශකත්වය ලබාදුන් රාජ්‍ය ආයතන පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව වාර්තාවක් ජූලි මස 1 දින වන විට ලබාදෙන ලෙස කෝපා කමිටුව එම ආයතනයට නිර්දේශ කළේය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිස්ස අත්තනායක, මොහොමඩ් මුසම්මිල්, දුමින්ද දිසානායක, නිරෝෂන් පෙරේරා, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Post Views: 6
Previous Post

අවස්ථාවාදයෙන් මිදී රට දිනවමු – විපක්ෂ නායක සජිත්

Next Post

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර මගහැරෙනු පාඩම්වලට වැඩි ඉඩක් – ඇමැති සුසිල්

editor

editor

Next Post

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර මගහැරෙනු පාඩම්වලට වැඩි ඉඩක් - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved