• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

RMV හි මහා පරිමාණ වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය

9 June 2026
in දේශීය, පුවත්
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට  හෙට පැය 10ක ජල කප්පාදුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සකස් කළ විශේෂ විමර්ශන වාර්තාව, ඉදිරි දැඩි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය අද (09) හිමිවිය. පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවක් මෙලෙස සෘජුවම නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගත් ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැඳවා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබුණි. එහිදී අනාවරණය වූ බරපතළ කරුණු ඇතුළත් කර සකස් කරන ලද වාර්තාව, 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එදා කටයුතු කෙරිණි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව, අදාළ වංචා පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර, එම අමාත්‍යවරුන් ලබා දුන් පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් එම කරුණු යළිත් වරක් සලකා බලනු ලැබීය.
එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතාවල බරපතළකම සහ රාජ්‍ය දේපළ අවභාවිතය සැලකිල්ලට ගනිමින්, වංචාකරුවන්ට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කාරක සභාව දැඩිව අවධාරණය කළේය. ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය ලබා ගැනීමට කෝපා කමිටුව ඒකමතිකව තීරණය කර තිබුණි.
ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන සුවිශේෂී යෝජනාව අද පාර්ලිමේන්තු සභාවේ දී ස්ථිර කරමින් ඊට නිල වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.
Post Views: 7
Previous Post

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

Next Post

අත්ලාන්තික් සාගරය තරණය කරන සංක්‍රමණිකයන්ගේ දුක්ගැනවිලි අසන්නට පාප් වහන්සේ කැනරි දූපත් වෙත

Editor TTV News

Editor TTV News

Next Post
අත්ලාන්තික් සාගරය තරණය කරන සංක්‍රමණිකයන්ගේ දුක්ගැනවිලි අසන්නට පාප් වහන්සේ කැනරි දූපත් වෙත

අත්ලාන්තික් සාගරය තරණය කරන සංක්‍රමණිකයන්ගේ දුක්ගැනවිලි අසන්නට පාප් වහන්සේ කැනරි දූපත් වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved