කළුතර ඇතුළු තේරූ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (10) දින පැය 10ක කාලයකට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව හෙට උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා වූ පැය 10ක කාලය තුළ කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම සහ පයාගල යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සැපයෙන විදුලි බලය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවීම මීට සෘජු හේතුව බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පාරිභෝගික ජනතාවට කලින්ම අවශ්‍ය ජලය රැස්කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටියි.
















