ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවා තිබේ.
ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ද්විපාර්ශ්වික ණය වාරිකයකට අදාළ මෙම මුදල සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කර ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණය විය. මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රමුඛ කමිටුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.
භාණ්ඩාගාර ලේකම්වරයාට අමතරව මුදල් අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් පිරිසක් ද මෙම හමුවට සහභාගී වනු ඇත. මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සහ මෙම මුදල් අස්ථානගත වීමට බලපෑ හේතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.














