27 April 2024
#දේශීය

මෙරට කොරෝනා 15වන මරණය වාර්තා වේ

මෙරට 15 වන කොරෝනා ආසාදිත මරණය අද (24) වාර්තා වෙයි.

මිය ගිය පුද්ගලයා කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. ඔහුව කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් කර සිටි අයෙකි. 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *