27 April 2024
#දේශීය

කොරෝනාව නිසා වැඩ නොකර ඉන්න බෑ – ඇමැති නිමල්

කොරෝනා වසංගතය ස්වභාව ධර්මයා අපට එල්ල කළ ප්‍රහාරයක් බව එය ඔබේ ජීවිතයේ වැඩ නොකර ඉන්න හේතුවක් කරගන්න එපා යැයි කර්මාන්ත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයේ පැවති නව වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනාවට බයෙන් කාර්යාවල හෝ ගෙවල්වල සැඟවී සිට අපිට මේ අභියෝගය ජය ගත නොහැකි බවත් කොරෝනා වසංගතය ජයගන්න අප කළ යුත්තේ වැඩ කිරීම බවයි.

කොරොනාව ඔබේ ජීවිතයේ වැඩ නොකර ඉන්න හේතුවක් කරගන්න එපා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කම්කරු අමාත්‍යාංශයේ පැවති නව වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයේ දී ය .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ද අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද අමාත්‍යතුමන්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහු ද එක් වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *