• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා අඩුවී ඇති බව පෙනෙන්නට නෑ – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී

9 June 2021
in දේශීය

සංචරණ සීමා පැනවුවද මෙතෙක් කොරෝනා අඩු වීමට සිදු නොවු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද (09) එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඇය පවසා සිටියේ ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගම්පහ දිස්ත්‍රික් රෝහල සඳහා අසාධ්‍ය තත්වයේ පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර කටයුතු සදහා භාවිතා කිරීමට අවශ්‍ය වන ICU වෙන්ටිලේටර්, ICU බෙඩ්, නෙබියුලයිසර් මාස්ක්, ඔක්සිජන් මාස්ක් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට මැලිබන් ආයතනය වෙනුවෙන් එහි අලෙවි කළමනාකරු කසුන් තොටගමුව, ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු පෝෂිත පෙරේරා, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු ගයාන් ඉන්ද්‍රජිත් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී විය.

 

 

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ඇප මත මුදාහරි

Next Post

යටින් මඩ ගැසිලි මගේ නෑ මං කෙලින් කියන කෙනෙක් – මන්ත්‍රී පාඨලි

editor

editor

Next Post

යටින් මඩ ගැසිලි මගේ නෑ මං කෙලින් කියන කෙනෙක් - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved