27 April 2024
#දේශීය

වැලිකඩ රැඳවියෙකුට කොරෝනා 

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ එම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වනදා දින වැනි දින වැලිකඩ රක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර එවා ඇති රැඳවියෙකි බව හෙලිව ඇත.

එම කොරෝනා ආසාදන වු රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පි.සී.ආර්. පරික්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර මෙම පරික්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින් ද ඇතුළත් බව අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *