27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 415 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වු අද(24) දිනය තුළ රෝගීන් 47 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 415 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දින වාර්තා වු රෝගීන් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වේ.

30 දෙනෙකු වැලිසර නාවික කඳවුරෙන් සිටි නාවික හමුදා නිලධාරින් වේ. එසේම 5 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටින නාවික හමුදා නාවිකයින් වන අතර ඔවුන් රත්නපුර, කුරුණෑගල- පොල්ගහවෙල, කුරුණෑගල – කීනියා පොල, බදුල්ල සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අනෙක් වාර්තා වු රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව සෞඛ්‍ය අංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *