27 April 2024
#දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 දා තෙක් දිර්ඝ කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම එළැඹෙන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට එම සමාගම තීරණය කර තිබේ. කොවිඩ් 19 හේතුවෙන් ලෝකය පුරා පවතින ගුවන් ගමන් තහනම් හේතුවෙන් ශ්‍රී ලන්කන ගුවන් සමාගමද මෙම තීරණය ගෙන තිබේ.

ගුවන් සමාගමේ භාණ්ඩ සේවා හා අවශ්‍ය විටෙක විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව ක්‍රියාත්මක බවද සමාගම නිවේදනය කරයි.

වැඩි විස්තර සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක / නිකුත් කිරීමේ නියෝජිතයා, ළඟම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලය හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැය 24 සම්බන්ධතා මධ්‍යස්ථානය +94117771979 අමතන ලෙසත් සමාගම දන්වා සිටියි.

එසේම වැඩිදුර විස්තර https://www.srilankan.com/travel-waiver-covid-19 හරහාද ලබාගැනීමට හැකිය. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *