• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු ගැන සාකච්ඡාවක් එරට නියෝජ්‍ය අගමැති සමග

5 August 2021
in දේශීය

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ වීසා ඉකුත්ව ලෙබනනයේ රැඳී සිටින්නන් සඳහා වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ලෙබනනයේ නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක හා විදේශ අමාත්‍ය සීනාර් අකාස් මහත්මිය සමග සාකච්ඡා පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාව පසුගිය 3 වනදා සිදු වූ අතර එම හමුවේදී ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව ආපසු සිය රටට ගෙන්වා ගැනිමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද තානාපතිවරිය ලෙබනන් රජයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පල කළාය.

සියළුම පාර්ශවයන් එක්ව දේශපාලන අර්බුදය විසඳනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් ඔවුන් නව කැබිනට්ටුව පිහිටුවීමෙන් අනතුරුව දැනට සිදුකරගෙන යන ලෙබනනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගිවිසුම්වල කටයුතු සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.

 

2015 දී යුනෙස්කෝව සඳහා ලෙබනනයේ අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය පිළිබඳව තානාපතිනිය නියෝජ්‍ය අගමැතිවරයා දැනුවත් කළ අතර 2023-2027 කාලය සඳහා ජාත්‍යන්තර නීති කොමිසම (ILC) සඳහා තානාපති මොහාන් පීරිස් මහතාගේ අපේක්ෂකත්වය සඳහා අන්‍යෝන්‍ය සහයෝගය ඉල්ලා සිටියාය. එම ඉල්ලීම ක්‍රියාවට නැංවීමට නියෝජ්‍ය අගමැතිවරිය එකඟ විය.

බේරූට් පිපිරීමෙන් විපතට පත් වූවන් සඳහා ලංකා තේ සහ ආහාර සලාක පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූති කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය, ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව සහතික කළාය.

මෙම සාකච්ඡාවට තානාපතිනිය සමඟ කම්කරු හා සුබසාධන උපදේශක ශ්‍රීමාල් කහතුඩුව මහත්මිය සහ දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්‍ෂ්මිදරන් මහතාද සහභාගී වූහ.

 

 

Post Views: 7
Previous Post

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය හදිසියේ යයි

Next Post

පරිස්සම් නොවුනොත් මරණය නිසැකය – වෛද්‍ය ප්‍රසන්න

editor

editor

Next Post

පරිස්සම් නොවුනොත් මරණය නිසැකය - වෛද්‍ය ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved