• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල “ඉටුකම” සන්නාමයෙන් ඉදිරියට

21 May 2020
in දේශීය

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම – COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යනුවෙන් නම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළේය.

COVID -19 වසංගතය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි. අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇත.

එහි අංකය 85737373. බැංකු කේතය 7010; ශාඛා කේතය 660; ස්විෆ්ට් කේතය BCEYLKLX.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක වීමට පිළිවන.

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පාලනය කරනුයේ පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.

මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටු සභාපති ධූරයත්, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රවින්ද්‍ර විමලවීර මහතා ප්‍රධාන ලේකම් ධූරයත් හොබවති.

මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ජී. විජිත් රවිප්‍රිය, ලංකා සතොස සභාපති නුෂාඩ් එම්. පෙරේරා, සේවක භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.පී. රසල් පොන්සේකා, හිටපු ඔඩිටර් ජනරාල් එස්. ස්වර්ණජෝති යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති. කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ ජේ.එම්.එස්. ජී. ජයසුන්දර මහතා කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Post Views: 4
Previous Post

බෝල පාස් නොකර උත්තරයක් ඕන .. කිරිඇල්ල ආණ්ඩුවට කියයි 

Next Post

ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් – අමෙරිකානු ජනපති

editor

editor

Next Post

ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved