27 July 2024
#දේශීය

බෝල පාස් නොකර උත්තරයක් ඕන .. කිරිඇල්ල ආණ්ඩුවට කියයි 

ලෝකයේ කිසිදු රටක කොරෝනා රෝගය මර්දනය කිරීමට හමුදා නිලධාරින් යොදා නොගත් අවස්ථාවකදී ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව මෙරට නාවික හමුදාවේ රණවිරුවන් යෙදවූයේ කවුදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටි.

ඒ මහතා මේ ව පැවසුවේ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදිය. එහිදී ඔහු කියා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ ගත්තේ කවුදැයි යන්න ආණ්ඩුවෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි.

එහිදී කිරිඇල්ල මහතා එහිදී කියා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළායැයි කිසිසේත් විශ්වාස කල නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරාගෙන් විමසීමට අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

අහිංසක නාවික හමුදා නිලධාරින්ට මෙම කාර්යට යෙදවීම සම්බන්ධයෙන් අද වන විට ආණ්ඩුව විත්තිකූඩුවේ සිටින බවත් බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *