• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට

8 May 2021
in සංවර්ධන

ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය , ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යා පීඨය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහසුකම් සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවක සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (08) දින නිරත විය.

මෙහිදී ඇඹිලිපිටිය රෝහලේ දැඩ් සත්කාර (ICU) සහ හදිසි ප්‍රතිකාර (HDU) ඇඳන් ධාරිතාවය ඉහළදැමීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105 ක් ස්ථාපිත කොට ඇත. එම මධ්‍යස්ථානවල ගිලන් ඇඳන් 19,000 කට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් සදහා වෙන්කර ඇත. මීට අමතරව යුධ හමුදාව විසින් සීදූව ප්‍රදේශයේ ඇඳන් 1500 ක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ බූස්ස ප්‍රදේශයේ එවැනිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වනවිටත් සූදානම් කරමින් සිටියි.

එමෙන්ම දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පළාත් මට්ටමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරිමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු ඊයේ (07) දින පත්කරනු ලැබූ අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සියළුම පළාත් වලට ගොස් එම වැඩපිළිවෙල නිරික්ෂණය කොට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙසයි.

මෙම නිරික්ෂණ චාරිකාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 9
Previous Post

කොවිඩ් රෝගීන්ට ඇමැති නාමල්ගෙන් ඇඳන් 10,000 ක්

Next Post

කොවිඩ් මරණ 22 යි… ආසාදිතයින් 121,338 දක්වා ඉහළට 

editor

editor

Next Post

කොවිඩ් මරණ 22 යි... ආසාදිතයින් 121,338 දක්වා ඉහළට 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved