• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Online Education දෙන්න රජයට වුවමනාවක් නැහැ – විපක්ෂ නායක සජිත්

2 February 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයා විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද සිට බලාත්මක කිරීමට අත්සන් තැබූ බවත් මාර්ගගත සුරක්ෂිතභාවයට පෙර මාර්ගගත අධ්‍යාපනික පහසුකම් දිරි ගැන්වීම සඳහා නීති සම්පාදනය කරවිමට රජයට නොහැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (1) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ ගාල්ල බද්දෙගම ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කොරෝනා කොවිඩ් සමයේ දූදරුවන් පරිගණක, දුරකථන, ටැබ් යන්ත්‍ර නොමැතිව එක උපකරණයකින් දරුවන් 10-15 දෙනකු අධ්‍යාපනය ලැබූ බවත් තවත් සමහර දරුවන් ගස්, ගල්, පර්වත තරණය කරමින් අධ්‍යාපනය ලැබුවත් රජයෙන් ඒ සඳහා කිසිදු සහනයක් නොලැබූ බවත් එවැනි තත්ත්වයක් උඩ මෙවැනි පනතක් සම්මත කරමින් ජනතාවට කතා කිරීමේ, රැස්වීමේ, අදහස් පළ කිරීමේ නිදහස ඇතුළු දේශපාලන නිදහස විනාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මාර්ගගත සුරක්ෂිතභාවය පනත ප්‍රතිගාමී, ජනතාවගේ කටවල් වහන, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වැඩක් බව හෙතෙම පැවසීය.

රාජ්‍ය මිලේච්ඡත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට සමගි ජන බලවේගයේ ගමන නැවැත්විය නොහැකි බවත් ආණ්ඩුවට විවිධ දේ තහනම් කරන්න පුළුවන් වුණාට මාර්ගගත අධ්‍යාපන පහසුකම් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

කයිවාරුවලින් රසවත් වචනවලින් සැණකෙළිවලින් තාවකාලික වින්දනයක් ලබා ගත හැකි වුවත් එහි හරයක් නොමැති බවත් හරයක් තිබෙන වැඩක් කරන්නේ නම් කයිවාරු ගැසීම අවශ්‍ය නොවන බවත් තමා සමඟ තරගකරනවා වෙනුවට ජනතාවට වැඩක් කර පෙන්වන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ණය ගෙවා ගත නොහැකිව හිගමනේ යන මේ මොහොතේ දැන්වත් ඇස් ඇර සත්‍ය යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් බංකොලොත්භාවය තුළවත් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෙබරවාරි 4 වැනිදා නිදහස සමරණ විට අප රට තුළ සත්‍ය වශයෙන්ද අධ්‍යාපනයේ නිදහස ඇත් ද කියා ගැටලුවක් පවතින බවත් නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් අධ්‍යාපනයේ නිදහසක් ඇත් ද කියා පාසල්වල කැඩී බිදී ගොස් ඇති ගොඩනැගිලි දෙස බැලීමේදී පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 77ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 751ක් වැය කර තිබේ.

Post Views: 854
Previous Post

ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

Next Post

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved