කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්‍රී ලංකාවේ ප්‍රග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.
කොළඹ වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයට විශේෂ අවධානයක් යොමු කරමින් හා එය ප්‍රතිලාභයක් බවට පත් කර ගනිමින්, කලාපීයව පිළිගත් මූල්‍ය හුවමාරුවක් කොළඹ වරාය නගරය තුළ ඇති කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති අතර එය කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හුවමාරුවක් ඇතිකිරීමේ සාමූහික අරමුණින්ද සමන්විතය.
ශ්‍රී ලංකාවේ සහ විදේශීය සමාගම්වලට විදේශ විනිමය බැඳුම්කර සහ කොටස් නිකුත් කිරීමට මෙන්ම වත්කම් පන්තීන් හරහා වෙනත් මූල්‍ය හා අවදානම් කළමනාකරණ උපකරණ සංවර්ධනය කිරීමට කදිම වේදිකාවක් සපයයි.
නවීන එමෙන්ම ගෝලීය මට්ටමේ වෙළඳ හුවමාරුවක් ඇති කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ හවුල් වීමට ගෝලීය කොටස් හුවමාරුවක් හඳුනා ගැනීමට හා ආකර්ෂණය කර ගැනීමට CHEC කොළඹ වරාය නගර ආයතනය සහ කොළඹ කොටස් හුවමාරුව සක්‍රීයව මෙන්ම සහයෝගයෙන් ද කටයුතු කරන අතර එමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහ ASEAN කළාපයේද ප්‍රාග්ධන රැස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇත.
මනා ක්රියාකාරීත්වයක් සහිත වෙළඳපොළකට හිතකර පරිසරයක් සැපයීම සඳහා කොළඹ කොටස් හුවමාරුව, නියාමකයින් සමඟ කටයුතු කරනු ඇති අතර, ද්‍රවශීලතාවය ඉහළ නංවන මෙන්ම හුවමාරුවේදී නිෂ්පාදන හා සේවාවන් බාධාවකින් තොරව හඳුන්වා දීමට ද හැකිවනු ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රග්ධන වෙළඳපොළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට CHEC කොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සතුටට කරුණක් බවයි.
මෙම මූලාරම්භය තුළින් අපි ප්‍රග්ධන වෙළඳපොළට නව මානයක් ගෙනෙනු ඇති අතරම වරාය නගරයේ මෙන්ම කලාපීය වශයෙන් සුරැකුම් නිකුත් කරන්නන් සහ ආයෝජකයින්ගේ අවශ්‍යතා සපුරාලන ජාත්‍යන්තර කොටස් හුවමාරුවක් සමඟ හවුල් වීමට ද සැලසුම් කර ඇති බව ද හෙතෙම පැවසිය.
CHEC කොළඹ වරාය නගර ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ජියැං හව්ලියැං (Mr. Jiang Houliang) මහතා පැවසුවේ වරාය නගරයෙහි ජාත්‍යන්තර කොටස් වෙළඳපොලක් පිහිටුවීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවයි.
නිවැරදි යටිතල පහසුකම් සහ ව්‍යාපාරික හිතකාමී ප්‍රතිපත්ති සමඟින්, කොළඹ වරාය නගරය කලාපීය ලැයිස්තුගත කිරීම් සඳහා ආකර්ශනීය ස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අප සමත් වනු ඇතැයි තරයේ විශ්වාස කරන බවත් එය ලොව පුරා සමාගම්වලට නව ආයෝජන අවස්ථාවන්ට ප්‍රවේශ වීමේ දොරටුව වනු ඇති බවයි.
CSE Signs MoU with CHEC Port City Colombo
The Colombo Stock Exchange (CSE) and CHEC Port City Colombo signed a Memorandum of Understanding (MoU) to enhance the capital markets in Sri Lanka by taking advantage of the Port City Colombo’s special emphasis of the Colombo International Financial Center, in order to establish a regionally recognized financial exchange within the country’s borders. The MoU was signed with the objective of working on a collective mission to establish an International Multi-Currency Exchange within the Port City Colombo. The exchange will serve as a gateway for both regional and global investors, whilst also providing an ideal platform for Sri Lankan and overseas corporates to issue foreign currency bonds and equities as well as develop other financing and risk management instruments across asset classes.
CHEC Port City and the CSE will actively collaborate to identify and attract a global stock exchange to partner the Colombo Stock Exchange in establishing a modern world-class trading exchange, which will position Sri Lanka as a hub for capital raising in the South Asian and the ASEAN region. The CSE will also work with the regulators in providing a conducive environment for a well-functioning market while introducing state-of-the-art modern technology, which will drive liquidity and seamlessly introduce new products and services at the exchange.
Mr. Dumith Fernando Chairman Colombo Stock Exchange said: “The CSE is pleased to take the initiative with this first step of signing a MOU with the CHEC Port City Colombo to work towards the further development of the capital market in Sri Lanka. Through this initiative we are planning to partner an International Stock Exchange that will bring a new dimension to the Capital market and cater to the requirements of the Port City as well as issuers and investors regionally.”
Mr. Jiang Houliang, Managing Director of CHEC Port City Colombo, said: “We are excited to work with CSE in establishing an International Stock Exchange in Port City. We strongly believe that with the right infrastructure and business friendly policies, we would succeed in positioning Port City Colombo as an attractive location for regional listings, which would be a gateway for companies around the world to access new investment opportunities.”