• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩීසල් ලීටරයකින් රු.70කට වැඩි පාඩුවක්.. මිල නොවැඩි කළ හේතුව සිපෙට්කෝ කියයි

1 August 2026
in දේශීය, පුවත්
ඩීසල් ලීටරයකින් රු.70කට වැඩි පාඩුවක්.. මිල නොවැඩි කළ හේතුව සිපෙට්කෝ කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මිල සංශෝධනයේදී පවතින මිල ගණන් එලෙසම පවත්වාගෙන යාමට තීරණය වී තිබේ.මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද එහි බර ජනතාව මත පැටවීමට රජය සූදානම් නැති බවයි. විශේෂයෙන්ම ඩීසල් ලීටරයකින් මේ වන විට සංස්ථාව රුපියල් 70.63 ක පාඩුවක් ලබන බවත්, එම පාඩුව සංස්ථාව විසින් දරා ගනිමින් මිල වැඩි නොකිරීමට පියවර ගත් බවත් ඔහු අවධාරණය කළේය.ලෝක වෙළෙඳපොළේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා, යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල සියයට 59 කින් පමණ ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ සියයට 35.9 කින් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.පෙට්‍රල් මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජූලි මාසය ආරම්භයේදී මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණද, එය පෙබරවාරි මාසයට සාපේක්ෂව තවමත් සියයට 41.35 ක ඉහළ මට්ටමක පවතින බවයි. පවතින ගෝලීය තත්ත්වය, රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිලෙහි විශාල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.ඩීසල් මිල ඉහළ දැමීම රටේ සමස්ත ආර්ථිකයටම සෘජුව බලපාන බැවින්, ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව සභაපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රජය විසින් මීට පෙර අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලදී ඉන්ධන සඳහා සහනාධාර ලබා දුන් බවත්, පවතින අසීරුතා මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීම රජයේ අරමුණ බවත් ඔහු මෙහිදී සිහිපත් කළේය.

Post Views: 2
Previous Post

විනිසුරු වයස ගැන මතයක් නොකියා උපුල් කුමාරප්පෙරුම නිහඬයි

Next Post

බිත්තරයක් රු.50ට ළඟයි.. මාළු, එළවළු මිලත් අහසට

Editor TTV News

Editor TTV News

Next Post
බිත්තරයක් රු.50ට ළඟයි.. මාළු, එළවළු මිලත් අහසට

බිත්තරයක් රු.50ට ළඟයි.. මාළු, එළවළු මිලත් අහසට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved