ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම පරදවා ලකුණු 18ක ජයක් ලබා ගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් විය. කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණි.
















