ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින්, ශ්රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සහ අවසන් පිතිකරණ හැකියාව (Finishing) ශක්තිමත් කිරීම සඳහා හිටපු නායක දසුන් ශානක එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරගාවලිය සඳහා යළි සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව, ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව චරිත් අසලංකද ශ්රී ලංකා විස්සයි20 සංචිතයට යළි එක්වීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














