එල්.ටී.ටී.ඊ සංවිධානයේ පළමු කාන්තා ඒකකයේ අණදෙන නිලධාරිනිය වූ ‘සොතියා’ගේ ඡායාරූප යළි සමාජ මාධ්‍යට මුදා හැරීමත් සමඟ ත්රස්තවාදීන් දැක්වීම සම්බන්ධයෙන් දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ
එල්.ටී.ටී.ඊ සංවිධානයේ පළමු කාන්තා ඒකකයේ අණදෙන නිලධාරිනිය වූ ‘සොතියා’ හෙවත් මරියා වසන්ති මයිකල්ට අයත් යැයි පැවසෙන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස හුවමාරු වෙමින් පවතී. 1987 වසරේ යාපනයේ ගැටුම්කාරී සමයේදී ලබාගත් බව කියන මෙම ඡායාරූප මෑතකදී සමාජ මාධ්‍යට මුදාහැර තිබේ.
කෙසේ වෙතත්, මෙලෙස ත්රස්තවාදීන්ගේ ඡායාරූප යළි කරළියට ගෙන එමින් ඊළාම්වාදය පවසමින් සහ අදාළ ත්රස්තවාදීන් උතුම් යැයි සලකමින් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් හුවමාරු වීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකගේ දැඩි අවධානය යොමුව ඇත.














