• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය දේපල හොරකමවලටත් මරණ දඩුවම – ජනපති

5 September 2018
in දේශීය

මේ රටේ රාජ්‍ය දේපළ හොරකමට දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතු බවත් දූෂණය හා වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ දී එම ආයතන ශක්තිමත් කිරීමත් පුද්ගලයින් ශක්තිමත් කිරීමත් වැදගත් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් රාජ්‍ය ආයතනවල ඉහළ කාර්යක්ෂමතාවය පෙන්වා ඇති රාජ්‍ය ආයතන 101 ක් වෙත සම්මාන පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින්.

මෙහිදී අඳහස් දැක් වූ ජනාධිපතිතුමා “ ඉතාමත් සතුටු වෙනවා, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ අලුත් දෙය, නව පරිවර්ථනයක්, වර්තමාන සභාපතිතුමා පසුගිය වසර කීපය සිට ආරම්භ කර තිබීම ගැන. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් වන්නේ පාර්ලිමේන්තුවේ සිදුවන වාද විවාද පිළිබඳ පමණයි.

ඊට වඩා වැදගත් කාර්යයන් රාශියක් පාර්ලිමේන්තුව තුළ ඉටු වෙනවා. යුතුකම් වගකීම් නිසි ලෙස ඉටු වෙනවා නම්, රාජ්‍ය සේවයේ ගිණුම් කටයුතුවල දී විගණන කාර්යයන් වල දී ඉතාමත් පිරිසිඩු බවක්, කාර්යක්ෂමතාවක්, ඒ තුළින්
සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

පසුගිය කලසීමාව තුළ ගිණුම් පිළිබඳ කාරක සභාව නව මඟක් ගෙන තිබෙනවා. රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල පිඹිදීමක් ඇති කරන්න, කෙරෙන කටයුතු දූෂණයෙන්,වංචාවෙන්,අක්‍රමිකතාවයෙන් තොරව,බොහෝ
අයගේ උපහාසයට ලක් වී තිබෙන යහපාලන සංකල්පය යථාර්ථවාදී සැබෑ අරමුණක් ඇතිව කටයුතු කරන රාජ්‍ය පාලනය, හඳුන්වා දෙමින් එහි අර්ථය රටට හා මහජනතාවට දැනුවත් කරන්න,මේ වැඩපිළිවෙල ඉතාමත් වැදගත්
වෙනවා.

කතානායකතුමාගේ නායකත්වය අගය කරනවා. අපේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14කට වැඩි සංඛ්‍යාවත් අනෙකුත් පෞද්ගලික අංශය,මේ සියල්ල මේ රටේ සංවර්ධනයේ ප්‍රධාන කොටස් කරුවන්, වගකීම් දරන පිරිසයි.
ඒ අංශවල තිබෙන විනිවිදභාවය, කාර්යක්ෂමතාවය,විධිමත්භාවය ඉතාමත් වැදගත්. පසුගිය දසක කීපය ගත් විට සෑම ආණ්ඩුවක් ම මේ බලාපොරොත්තු වූ යහපත් අරමුණ ඉටු කරගැනීමට පියවර රාශියක් ගෙන තිබෙනවා. ඇතැම් ඒවා සාර්ථක වුණා. ඇතැම් ඒවා ආසාර්ථක වුණා.අලුත් නීති සම්මත කළා. අලුත් ආයතන ආරම්භ කළා.

වාර්තා පදනම් කරගෙන මෙම ලබාදෙන සම්මාන ප්‍රදානය ඉතාම වැදගත් වෙනවා.බොහෝ වෙලාවට සම්මාන දෙන්නේ හොඳම අයටයි. සම්මන නොලැබෙන අයත් හඳුන්වගැනීමක් තිබිය යුතුයි. ප්‍රධාන වශයෙන් යහපාලන සංකල්පය තුළ මේ රටේ රාජ්‍ය සේවයේ දූෂණ වංචා අක්‍රමිකතා නැති කිරීම සඳහා අලුත් පියවර රාශියක් ගත්තා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, කොමිෂන් සභාව වශයෙන් ශක්තිමත් කරලා,මෑතභාගයේ අල්ලස් හෝ දුෂණ පනතේ අඳාළා සංශෝධන කලා. ජාතික වැදගත්කමින් යුතු කරුණක් ලෙස සළකා අල්ලස් දූෂණ නීති ශක්තිමත් කරන්න කටයුතු කළා.අපි ලද ජයග්‍රහනයක් වන්නේ විගණන කොමිෂන් සභාව පත් කිරීම. දූෂණය වංචාව පිටු දැකීම සඳහා රජ්‍ය සේවයේ පිරිසිදු පාලනයක් සඳහා ගැනීමට නොහැකි වූ වැදගත් තීන්දු තීරණ කීපයක් ලෙස අල්ලස් කොමිෂම ස්වාධීන කොමිෂමක් ලෙස ශක්තිමත් කිරීමත්,මෑත දී අවශ්‍ය නීති රීති සංශෝධනය කිරීමත්,විගණන කොමිෂන් සභාවක් පිහිටුවීමත් සිදු කර තිබෙනවා.

විගණන සේවය තවම ඉටු නොවූ කරුණක්.මීට සමනව විගණන සේවය ඉක්මනින් ම පිහිටුවීම කළ යුතු වෙනවා. විගණන සේවය ස්ථාපිත කිරීම රජය විසින් කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දූෂණය නාස්තිය සහ සොරකම ගැන කතා කරන විට,මෙතෙක් පැවැති නීති රීති වල අඩුපාඩුකම් අපි දකිනවා.අඩුපාඩුකම් නිසා වැරදිකරුවන්ට දඬුවම් දීම ප්‍රමාද වෙනවා.ලංකාවේ මරණීය දණ්ඩනය තිබෙන වැරදි ,මිනීමරුමට මරණ දණ්ඩනය තිබෙනවා. රාජ්‍ය ද්‍රෝහීත්වයට මරන දණ්ඩනය තිබෙනවා. සමූහ ස්ත්‍රී දූෂණයට මරණ දණ්ඩනය තිබෙනවා. මත් කිඩුවලට එරෙහිව මරණ දණ්ඩනය තිබෙනවා. එහෙත් ක්‍රියාත්මක නෑ.

නීතිය පොතේ තිබුණට වැරදි කරන අය ඒ විදියටම කරනවා.මේ රටේ රාජ්‍ය දේපළ හොරකමට දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතුයි.හුගක් වැරදි කරන්නේ දඬුවම් නැති නිසා. මේ පින්වන්ත පුංචි ලස්සන රට හදන්න සංවර්ධනය කරන්න,අපි අපේ වැඩ හරියට කරන්න දීර්ඝ කාලයක් අවශ්‍ය වන්නේ නෑ. සැවොම සාමූහිකත්වයෙන් වැඩකළ යුතුයි. උඩ ඉන්න අය හොරකම් නොකළ යුතුයි. පහළ ඉන්න අය දවසේ පැය ගණන වැඩ කළ යුතුයි.මේ රට ලස්සන රටක් කරන්න පුළුවන්.අපිට මේ රට ගොඩගන්න බොහොම පොදි වැඩ කොටසක් කරන්න තියෙන්නේ.දූෂණය හා වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ දී එම ආයතන ශක්තිමත් කිරීමත් පුද්ගලයින් ශක්තිමත් කිරීමත් වැදගත් වෙනවා.

මොනතරම් දූෂණ වංචා සිදුව තිබෙනව ද? වැරදි කළ අය සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීම ඉක්මන් වීම සිදු විය යුතුයි.දඬුවම් පැමිණවීම මන්දගාමී ස්වභාවයක් තිබෙන්නේ.රටේ ජනතාවට පෙන්න ඕන නිර්දේශ අනුව දඬුවම්
පැමිණවීම සිදුවන බව.රජයක් විදියට වගකීමක් තිබෙනවා මේවාට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

Post Views: 16
Previous Post

OPPO F9  ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හදුන්වා දෙයි 

Next Post

අද නොනිදන රැයක් – හිටපු ජනපති මහින්ද කියයි

editor

editor

Next Post

අද නොනිදන රැයක් - හිටපු ජනපති මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved