27 April 2024
#දේශීය

දේශපාලන අදිසි හස්තයක් ගැන හිටපු ජනපති මෛත්‍රි හෙලි කරයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා තමා අත්සන් විසි එක්දහසක් පමණ යෙදු නමුත් එයින් පලක් නොවු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එකට හිටපු ආණ්ඩුවේ පාර්ශවකරුවන් විසින් අර්ජුන් මෙරටට රැගෙන ඒම වැලැක්වීමට කටයුතු කල බවයි.

එම පිරිස් සිංගප්පුරුවේ ප්‍රබලයින් සමඟ සමීප සබඳතා පැවැති බවත් තමා විසින් යෙදු අත්සන් 21,000 ලියවිල්ල දේශපාලන පලිගැනීමක් ලෙස සිංගප්පුරු රජයට එම පිරිස් දන්වා ඇති බව සිරිසේන මහතා අනාවරණ කළේය. තමා පලමුවරට මෙලෙස මාධ්‍ය වෙත මෙම හෙලිදරව්ව කල බව හෙතෙම අනාවරණ කලේය. කෙසේ වෙතත් තමාට කල ගැනීමට නොහැකි වු දේ ගෝඨාභය ජනාධිපතිවරයාට කල හැකිබව සිරිසේන මහතා කියා සිටියේය.

එසේම දේශපාලන අදිසි හස්තයක් තමා ජනාධිපතිව සිටින කාලයේදී තිබු බවත් තමා සමඟ ගැටළු ඇති වුයේද මහබැංකු සිද්ධිය ආරම්භයේ සිට බව ඔහු කියා සිටියේය.

විපක්ෂයක් නොමැතිව මැතිවරණයට යාමට සිදුව ඇති බවත් මේ වන විට විපක්ෂය නියෝජනය කරන පිරිසට ගොඩ ඒමට නොමැති බව සිරිසේන මහතා කියා සිටියේය. ඉදිරියේදී රටේ තිබෙන මුළික ප්‍රශ්ණවලට සහ රජයේ ප්‍රතිපත්තිවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙන බව සභාපති මෙත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය. පවතින කොරෝනා වසංගතය සමඟ දේශිය ආර්ථිකය, දේශිය කර්මාන්ත ගොඩ ගැනීමට රජයට අවශ්‍ය වන සහාය උපරීම ලෙස ලබා දීමට කටයුතු කරන බව ඔහු අනාවරණ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී TTVnews.lk වෙබ් අඩවිය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්ණයක් යොමු කර සිටියේ ” ඔබ පාලනය කාලයේදී ජනාධිපති සමාව යටතේ රෝයල් පාක් ඝාතන නඩුවේ එම වරදකරු වු පුද්ගලයාට නිදහස ලබා දුන්නේ ඇයි දැයි විමසා සිටියේය..” එයට පිළිතුරු ලබා දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ රතන හිමියන් සහ සමිත හිමියන් විසින් තමා වෙත යොමු කල ඉල්ලීමකට අනුව එම පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දුන් බවයි.

එසේම එම පුද්ගලයා උපාධිධාරියෙකු වන අතර තමාගේ පාලන කාලයේදී එවැනි අයෙකු සිටි පලමු කෙනා එම රෝයල් පාක් සිද්ධියේ වරදකරු බවත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් හා අධිකරණ අමාත්‍යංශයෙන් ලැබුණු නිර්දේශ අනුව එම ක්‍රියාව සිදු කල බව ඔහු අනාවරණ කලේය.

 

TTVnews.lk වෙබ් අඩවිය විසින් ප්‍රශ්ණ කර සිටියේ එම පුද්ගලයා සිරගත කල කල් ක්‍රියාවම නිදහස ලැබු පසුත් ඔහුගේ හැසිරීම හොඳ වනු ඇති බව ඔබ විශ්වාස කරන්නේ ද යන්න විමසා සිටියේය...

එයට පිළිතුරු ලබා දුන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ එයට බොහෝ වෙලාවක් අවශ්‍ය බවත් එයට වෙන වේලාවක් වෙන් කර ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවයි.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *