27 April 2024
#සංවර්ධන

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 574 කට උපකරණ ‌බෙදා දීම ඇමැති ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන්

දිවයින පුරා හදුනාගත් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 574 ක් සදහා උපකරණ ලබාදීම ආරම්භ කර ඇති අතර එම එක් ගම්මානයකට ලක්ෂ 100 ක් වටිනා උපකරණ ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍ර දේශයේ තෝරාගත් නිෂ්පාදන ගම්මාන 03 ක් සදහා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඊට අමතරව අදාළ නිෂ්පාදන ගම්මානයේ නිෂ්පාදන අලෙවි කිරිම සදහා අලෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරිම සදහා ලක්ෂ 30 ක මුදලක් ද වෙන් කර ඇතැයි ඇමතිවරයා පැවසිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන දහසේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. ඒ සදහා රජය වෙන් කළ මුදල රුපියල් මිලියන 5300 ක් බවත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ දේශිය නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *