• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරමේ නාවික හමුදාව භාවිත කරන ඉඩම් නිරීක්ෂණයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එක්වේ

28 May 2026
in දේශීය, පුවත්
මන්නාරමේ නාවික හමුදාව  භාවිත කරන ඉඩම් නිරීක්ෂණයට  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා  එක්වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් විසින් භාවිත කරනු ලබන ඉඩම් නිරීක්ෂණය කිරීමේ අරමුණින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. මෙම සංචාරය සඳහා සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මන්නාරම් දිස්ත්‍රික්කය තුළ නාවික හමුදාව දක්වන දායකත්වය සහ මුහුදු සීමාවන් හා වෙරළබඩ ආරක්ෂාව ශක්තිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනය කරන ලදී. නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන් විසින් සිදු කරන මෙහෙයුම්වල ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් වූ අතර, ඒවායේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
මුල්ලික්කුලම්, සිලාවතුර, තලෛමන්නාරම, වන්කාලපාඩුව සහ පල්ලිමුනෙයි යන ප්‍රදේශවල නාවික හමුදාව දැනට භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරමින්, එම ප්‍රදේශවල ජනතාව සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. විශේෂයෙන්ම ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු, නිවාස ගැටලු සහ ප්‍රජා අභියෝග පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. අදාළ රාජ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින් මෙම ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේය.
මෙම සංචාරය මගින් ආරක්ෂක අංශවල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ දේශීය ජනතාවගේ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය මැදිහත්වීම තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
Post Views: 9
Previous Post

හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Next Post

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 5,780ක් ලිංගික අතවරයන්ට ලක්වීමේ අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුර දිස්ත්‍රික්කයේ  දරුවන් 5,780ක්  ලිංගික අතවරයන්ට ලක්වීමේ  අවදානමක

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 5,780ක් ලිංගික අතවරයන්ට ලක්වීමේ අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved