ඉන්දියාවේ උත්ත්‍රාකාන්ද් (Uttarakhand) ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින රාජ්‍ය සතු ජල විදුලි ව්‍යාපෘතියක උමගකට ජලය සහ රොන්මඩ කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ඉදිකිරීම් සේවකයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රදේශයේ පවතින දැඩි මෝසම් වැසි හේතුවෙන් ඇති වූ නායයෑමක් සමඟ උමග තුළට ජලය සහ අවශේෂ කඩා වැටී ඇති අතර, තවත් සේවකයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. තවත් සේවකයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය පවසන අතර, සිරවී සිටින පිරිස මුදා ගැනීම සඳහා ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) විසින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතී.
















