මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීමට සහ රිය අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කිරීමේ අරමුණින්, රියැදුරන් සඳහා නව දඩ ලකුණු (Demerit points) ක්‍රමයක් සැප්තැම්බර් මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පවතින සාම්ප්‍රදායික රථවාහන නීති පමණක් මාර්ගවල නොසැලකිලිමත් ලෙස රිය පැදවීම පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බැවින්, වඩාත් ශක්තිමත් බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පමණක් රිය අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2,750ක් වන අතර, ඉන් වැඩි පිරිසක් යතුරුපැදිකරුවන් සහ පදිකයින් බව ද ඔහු පැවසීය.
මෙම නව ක්‍රමවේදය යටතේ රියැදුරු බලපත්‍රය සඳහා මුළු ලකුණු 24ක් වෙන් කරනු ලබන අතර, රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලදී එම ලකුණු ප්‍රමාණය අඩු කරනු ලැබේ. නීති උල්ලංඝනය කිරීම් නැවත නැවතත් සිදුකිරීමේදී රියැදුරු බලපත්‍රය අත්හිටුවීම ඇතුළු දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) පැවති පරිපාලනමය ගැටලු සහ අක්‍රමිකතා හේතුවෙන් මෙම ක්‍රමය හඳුන්වා දීම මීට පෙර ප්‍රමාද වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, වර්තමානයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු කෙරෙන ‘e-Motoring’ ව්‍යාපෘතිය හරහා සේවාවන් ඩිජිටල්කරණය කිරීම, දූෂණය අවම කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















