දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
ගම්පහ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි. මීට අමතරව මාතර, ගාල්ල, කළුතර දිස්ත්‍රික්ක සහ කොළඹ මහ නගර බලප්‍රදේශයෙන් ද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 24,601 දෙනකු වාර්තා වී ඇති බවත්, ඉන් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. මියගිය පිරිස අතර දරුවන් දෙදෙනකු ද සිටින බව වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය තහවුරු කළාය.
දින දෙකකට වඩා පවතින උණ, වමනය, හිසරදය සහ ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. මෙහිදී පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් පාවිච්චි කිරීමෙන් වළකින ලෙස ද විශේෂයෙන් අවධාරණය කෙරේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මදුරු කීටයන් බෝවීම ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලදී තහවුරු වී ඇත. එබැවින් නිවාස අවට, සේවා ස්ථාන, වැඩබිම් සහ පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ලෙස පවිත්‍රව තබා ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.














