ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය 150 වැනි සංවත්සරය අද (මැයි 01) දින අභිමානයෙන් සමරනු ලබයි. 1876 මැයි 01 දින “ගාලු පාඨශාලාව” ලෙස ආරම්භ වූ මෙම විද්‍යාලය 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නම් කර ඇත.
සංවත්සරය නිමිත්තෙන් ඊයේ (අප්‍රේල් 30) සර්වරාත්‍රික පිරිත් දේශනයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. අද දින උදෑසන ඉස්ලාම් සහ කතෝලික ආගමික මෙහෙයන් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර බහුකාර්ය ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර දහවල් කාලයේදී සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට නියමිතය.
150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විශේෂ සැමරුම් කවරය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිකුත් කෙරේ. මෙම අවස්ථාව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
අද දින සිට 2027 ජනවාරි මස දක්වාම සංවත්සර සැමරුම් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට විද්‍යාලයීය බලධාරීන් සැලසුම් කර ඇත. විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය සහ සිසු දරුවන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන් මාලාව දියත් කෙරේ.














