සිසුන් අතර පැතිර ගිය උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.අධ්‍යාපන කලාපයේ පාසල් හතරක සිසුන් 56 දෙනෙකුට පමණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කිරීමත් සමඟ, පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පාසල් වසා දැමීමට පියවර ගැනිණි. මේ වන විට එම පාසල් පරිශ්‍ර තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් ස්ථාපිත කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා තහවුරු කරයි.
විශේෂයෙන්ම පාසල් තුළ ජල පහසුකම් භාවිත කිරීමේදී සහ පොදු ස්වස්ථතාව පවත්වා ගැනීමේදී දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසට ද අදාළ පාසල් බලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇත.














