අවධානයෙන්! දෙව්මිණි ඇතින්නගේ ඡායාරූපය භාවිත කරමින් සිදුකරන වංචනික මුදල් එකතු කිරීමක් පිළිබඳව අනාවරණය වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට අපේ දෙව්මිණි ඇතින්නගේ ඡායාරූපයක් වැරදි ලෙස භාවිත කරමින්, ඇයව “Ming” ලෙස හඳුන්වා දී ඇය බේරාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 700ක (USD 700) මුදලක් අවශ්‍ය බව පවසමින් මුදල් එකතු කිරීමේ පෝස්ටුවක් සංසරණය වෙමින් පවතී.
අදාළ වංචනික පෝස්ටුවේ සඳහන් වන්නේ ඇය වසර ගණනාවක් තිස්සේ දම්වැල්වල බැඳ තබා ඇති බවත්, ඇයව නිදහස් කර අභයභූමියක් (sanctuary) වෙත රැගෙන යාම සඳහා අදාළ මුදල අද දිනයේම එකතු කළ යුතු බවත්ය.
එබැවින්, අපේ දෙව්මිණි ඇතින්නගේ ඡායාරූපය මෙලෙස වෙනත් නමකින් හඳුන්වා දෙමින් සිදුකරන මෙම මුදල් එකතු කිරීමේ වංචාව සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස අවධානයෙන් සිටින ලෙස කාරුණිකව දැනුම් දෙමු.














