වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු බුදු දහමට දිගින් දිගටම අකටයුතුකම් සිදුවන බව පෙනෙන්නට ඇති බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසයි.
අද (16) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැහැදිලි වන්නේ පරිපාලනමය දුර්වලතා නිවැරදි කර නැවත උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදිය හැකි බවය. පෙර ජනාධිපතිවරයා අතින් සිදුවූ පරිපාලන දෝෂ නිවැරදි කර, ඥානසාර හිමියන්ට නිසි පරිදි ජනාධිපති සමාව ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














