27 April 2024
#දේශීය

පළාත් පලාන ආයතන සභිකයන්ට හා නිලධාරින් 75 දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ

ප්‍රජා සංවර්ධනය පිළිබඳව ඩිප්ලෝමාව සහ පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හැදෑරු 2016-2018 වසර වල ඩිප්ලෝමාධාරින් 75 දෙනෙකුට ඩිප්ලෝමා ප්‍රදානය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා සිදු කෙරිනි.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශ යටතේ ඇති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මගින් මෙම පාඨමාලා පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී. විරසේකර, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සූරතිස්ස දිසානායක, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සුරංග ද සිල්වා, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන මහින්ද පාලිත, අමිල රංමණ්ඩල, චම්පිකා දිල්හානි සහා ආචාර්ය කරුණාරත්න ගමගේ, අමාත්‍යාංශ නීති උපදේශිකා ගයනි ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඩිප්ලෝමා ප්‍රදානයට එක්විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *