පවතින වැසි සහිත ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, සහන සේවා සැලසීම සඳහා අවශ්‍ය සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් දැනටමත් ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා එම මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසයි.
මෙම දුරකථන අංකය පැය 24 පුරාම මහජනතාව සඳහා විවෘතව පවතින බව ද ඔහු වැඩිදුරටත් දැනුම් දෙයි. විශේෂයෙන්ම අකුණු අනතුරු සහ විදුලි කාන්දු වීම් වළක්වා ගැනීම සඳහා නිවෙස් තුළ සිටින පිරිස් විදුලි උපකරණ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.














