මොනරාගල දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා මත අදාළ ආපදා සහන සේවා නිලධාරියාගේ වැඩතහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින ග්‍රාම නිලධාරීවරයා ද විමර්ශන කටයුතුවලට බාධාවකින් තොරව සහභාගී කරවා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් කොට්ඨාසයකට මාරු කර ඇති බවයි.
වන්දි මුදල් නිසි පරිදි ප්‍රතිලාභීන් වෙත ලබා නොදීම සහ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිඵල මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.














