ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන මැයි 20 සහ 22 යන දිනවල මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සහ සංවර්ධන ව්‍යාපෘති රැසකට සහභාගී වීමට නියමිත අතර මැයි 20 වනදා මඩකලපුව පරණ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමට නියමිතය. අනතුරුව ඒ මහතා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ “රටම එකට” ජාතික වැඩසටහනට ද සහභාගී වේ.
සංචාරයේ දෙවන අදියර ලෙස මැයි 22 වනදා අම්පාර දිස්ත්‍රික්කයට පැමිණෙන ජනාධිපතිවරයා නින්දවුර් සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම සහ අම්පාර නගරයේ නව වෙළෙඳ සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කරනු ඇත. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය නිල සංචාරය නිමා කිරීමට නියමිතව තිබේ.














