දිට්වා සුළි කුණාටුවට ප්රතිචාර දැක්වීමේදී පළාත් පාලන ආයතන ක්රියා කළ ආකාරය පිළිබඳ විමසා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව ප්රාදේශීය සභා සහ මහ නගර සභා නියෝජිතයන් කාරක සභාව හමුවට කැඳවා ආපදා අවස්ථාවේ නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්රියාවලියට ඔවුන් සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කරුණු විමසීමට නියමිතය.
අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ සභාපතිත්වයෙන් සැප්තැම්බර් 10 දින පැවති කාරක සභා රැස්වීමේදී මහනුවර සහ මාතලේ දිස්ත්රික්කවල ආපදා කළමනාකරණ ක්රියාවලිය පිළිබඳවද කරුණු විමසා තිබේ. 2025 නොවැම්බර් 23 සිට 27 දක්වා පැවති අධික වර්ෂාව, නායයෑම් සහ ගංවතුර හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්රතිචාර ක්රියාවලිය පිළිබඳ අවධානය යොමු කර ඇත.
හදිසි ආපදා අවස්ථාවල අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්රියා පටිපාටි සකස් කිරීම, නිතිපතා ආපදා පෙරහුරු පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්යතාවද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.














