තායිවාන අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම (TSMC) විසින් සිය උසස් චිප් ඇසුරුම් කිරීමේ පහසුකම් පුළුල් කිරීමේ පියවරක් ලෙස චියායි විද්‍යා උද්‍යානයේ (Chiayi Science Park) තවත් නව කම්හල් දෙකක් ඉදිකිරීමට තීරණය කර ඇති බව තායිවානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වු චෙන්ග්-වෙන් මහතා අද (13) ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. චියායි විද්‍යා උද්‍යානය TSMC හි ප්‍රධාන උසස් චිප් ඇසුරුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර, එහි පළමු කම්හලේ දැනටමත් මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇත. දෙවන කම්හලේ නිෂ්පාදන කටයුතු ද ඉක්මනින් ආරම්භ වීමට නියමිතය.
නව ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන තෙවන සහ සිව්වන කම්හල් ද සමඟින්, සම්පූර්ණ කම්හල් හතරම ක්‍රියාත්මක වූ පසු මෙම උද්‍යානය මගින් වාර්ෂිකව තායිවාන ඩොලර් බිලියන 300කට අධික (ඇමෙරිකානු ඩොලර් බිලියන 9.35) නිෂ්පාදන වටිනාකමක් ජනනය කිරීමට සහ නව රැකියා අවස්ථා 9,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිර්මාණකරුවන් වන Nvidia වැනි සමාගම්වලින් පවතින ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා TSMC තම උසස් චිප් ඇසුරුම් ධාරිතාව වේගයෙන් පුළුල් කරමින් පවතී.
















