27 April 2024
#දේශීය

ප්‍රයිවට් බස් වලට පාට් දාන්න එපා – ඇමැති අමරවීර කියයි

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ඇතැම් නිලධාරින් විසින් පුද්ගලික බස් රථවලට කරදර හිරිහැර වන අයුරින් කටයුතු කරන්නේ යැයි පුද්ගලික බස් රථ සංගම් හා බස් හිමියන් විසින් අමාත්‍යවරයාට දැනුම් දී තිබිනි.

බස් රථ සංගම් සමග කළ සාකච්ඡාවේ දී ඊට සහභාගි වූ නියෝජිතයෝ මෙම කරුණු සැළ කළ අතර තමන් මාර්ගස්ථ මගි ප්‍රවාහණ අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම කොවිඩ් 19 නිසා මේ වනවිට පුද්ගලික බස් රථ හිමියන්ගේ ආදායම් ඉතාමත් අවම වී තිබෙන බැවින් ඔවුන්ට අනවශ්‍ය බර පැටවෙන පරිදි තීන්දු තිරණ නොගන්නා ලෙසත්, ඔවුන්ට හිංසාවන පරිදි කටයුතු නොකරන්නැයි ද උපදෙස් දුන්නේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *