ලෝක දේශපාලනයේ සහ ගෝලීය බලශක්ති සැපයුමේ අතිශය තීරණාත්මක කලාපයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර ඇති සිතියමක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ පළ කරන ලද සිතියමක මෙම වෙනස් කිරීම සිදු කර ඇති අතර එහි හෝමුස් සමුද්‍ර සන්ධිය පවතින ස්ථානයේ “STRAIT OF TRUMP” ලෙස සඳහන් කර ඇත. ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදුකෙරෙන මෙම සමුද්‍ර සන්ධිය ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකේ. සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදවලින් බැහැරව Truth Social වේදිකාව හරහා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ පණිවිඩ සෘජුවම ලෝකයට ලබාදීම ට්‍රම්ප්ගේ ප්‍රධානතම උපායමාර්ගයක් වී තිබේ.














