කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DR Congo) නැවත වරක් ශීඝ්‍රයෙන් පැතිර යන ඊබෝලා වෛරස් වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) නිවේදනය කරයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වැනි විශාල භූමි ප්‍රදේශයක ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වසංගතය පාලනය කිරීමට පවතින ප්‍රතිපාදන ඉදිරි සති කිහිපය තුළදී අවසන් වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ ඊබෝලා සම්බන්ධීකාරක ජූලියන් හාර්නිස් (Julien Harneis) අනතුරු අඟවයි.
මෙවර පැතිර යන්නේ ‘Bundibugyo’ නමැති ඊබෝලා ප්‍රභේදය වන අතර, ඊට එරෙහිව මෙතෙක් නිල වශයෙන් අනුමත කරන ලද එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. පවතින බිය සහ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ තරුණයින් සෞඛ්‍ය සේවකයින්ට සහ ගිලන්රථවලට පහර දීමට පටන්ගෙන ඇති අතර, මේ දක්වා සෞඛ්‍ය සේවකයින් 160 දෙනෙකුට රෝගය වැළඳී එයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පවතින ගැටුම්කාරී වාතාවරණය සහ මූල්‍ය අර්බුදය හමුවේ මෙම තත්ත්වය තවදුරටත් අර්බුදකාරී වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














