ප්‍රංශය සහ සෞදි අරාබිය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින්, දෙරටෙහි රාජ්‍ය නායකයන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන නව “උපායමාර්ගික හවුල්කාරිත්ව කවුන්සිලයක්” (Franco-Saudi Strategic Partnership Council) පිහිටුවීමට පියවර ගෙන තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් (MBS) කුමරු සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) යන මහත්වරුන් මෙම කවුන්සිලයේ සහ සභාපතිත්වය දැරීමට නියමිතයි.
දෙරටේ ප්‍රධානීන්ම සෘජුවම මෙහි නායකත්වය ගැනීම හරහා විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂක අංශය, බලශක්තිය සහ කලාපීය දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික තීරණ ගැනීමට මඟ පෑදේ. මෑත කාලයේදී ප්‍රංශය සහ සෞදිය අතර ගොඩනැගුණු ආරක්ෂක සහ බලශක්ති සහයෝගීතාව ස්ථාවර ව්‍යුහයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම මෙම කවුන්සිලයේ ප්‍රධාන අරමුණයි.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්














