• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෙහෙත් නැත්නම් වගකිවයුත්තා ගැන රාජිත කියයි

19 June 2018
in දේශීය

ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම රෝහල් වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණය කිරීමෙන් පසු පැවැත් වූ සාකච්ඡාවක දීය.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පවතින ගැටලු නිරාකරණය කිරිමට පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 793 ක්. වෛද්‍යවරුන් සදහා නිල නිවාස 5000 ක් ඉදිරියේ දී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන් පසු හෙද හෙදියන් සහ අතුරු වෛද්‍ය සේවා සදහා නිල නිවාස ඉදිකරනවා. සියලුම රෝහල් වලට සුරිය කෝෂ මගින් විදුලිය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී සිදු කරනවා. එමගින් විදුලි බිල මිලියන ගණනාවක් ඉතිරි වෙනවා. ගිලන් රථ 450 ක් ඉදිරියේ දී රෝහල් වලට ලබාදෙනවා. හෘද රෝගීන් සදහා අවශ්‍ය ටෙනෙක්ටර්ප්ලෙස් නැමැති ඖෂධය සියලුම රෝහල් වලට ලබාදුන්නා. මොණරාගල මහ රෝහලේ එම ඖෂධය නොමැති නම් එය රෝහල් අධ්‍යක්ෂවරයාගේ වරදයි. රුපියල් ලක්ෂ 100 ක් රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදී තිබෙනවා දෛනික කටයුතු සදහා වියදම් කිරීමට. තව ද ඖෂධ හිගයක් ඇති වුවහොත් හදුන්වාදී ඇති මෘදුකාංගය භාවිත කර ලගම පිහිටි රෝහලෙන් ගෙනඑන්න පුලුවන්. කිසිදු රෝහලක ඖෂධ හිගයක් නැහැ. ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතුයි. මොණරාගල රෝහල සංවර්ධනය කිරිම සදහා අක්කර 17 ½ ක ඉඩමක් ලබාගෙන තිබෙනවා. එහි සිදු කිරිමට යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබද වාර්තාවක් මට ලබාදෙන්න.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 16
Previous Post

ගනුදෙනුවල වැඩි වාසිය ශ්‍රී ලංකාවටයි

Next Post

ණය හංගන්නේ නෑ

editor

editor

Next Post

ණය හංගන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved