• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාටක යළින් ජිනිවා වලදී – ඇමැති ජොන්සන්

5 February 2021
in දේශීය

මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි රඟදක්වන නාටකය ආයෙමත් ජිනීවාහිදී දිග හැරීමට නියමිතයි බවත් මෙය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් කිහිපයක දෙබිඩි භාවය හා නිරුවත හෙළි වීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට හදන සෞභාග්‍යය දැක්ම නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව රට පුරා ක්‍රියාත්මක කරන රුක් රෝපණ ව්‍යාපෘතියේ මහා මහාමාර්ග අමාත්‍යංශයේ මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනට ඊයේ (04) ගොඩගම දී එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ අදහස් පල කලේය ” බටහිර රටවල් කිහිපයක් මෙරට මෙරට මානව හිමිකම් උල්ලංඝනය වෙනවායැයි කියා ව්‍යාජ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.මේ අයම එකතු වෙලා එකතු වෙලා හදපු එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවපු වාර්තාවල සඳහන් වෙනවා L.T.T.E ය යුද අපරාධවලට අපරාධ වලට සම්බන්ධයි කියලා.නමුත් ඒවා දාල තියෙන්නෙ අපට එරෙහිව හදන වාර්තාවලට සමබරතාවයක් තියෙනවා යැයි පෙන්වන්න විතරයි.කිසිම ක්‍රියාමාර්ගයක් නෑ.

යුද අපරාධ කරපු L.T.T.E නායක ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා බේරගන්න ගත හැකි සියලූ උත්සාහයන් ගත්තෙත් මේ රටවල් කිහිපයම තමයි .එදා ඒ අරමුණ සාර්ථක වුණා නම් ප්‍රභාකරන් බේරුණා නම් අදටත් මේ රටේ යුද්ධය පවතිනවා.ශ්‍රී ලංකාවට දරාගත නොහැකි ජීවිත හා දේපළ හානි සිදුවෙනවා . දෙමළ ළමයි යුද්ධයට ළමා සොල්දාදුවන් විදිහට පැහැරගෙනයාම අදටත් ක්‍රියාත්මක වෙනවා . දේශපාලන ඝාතන , කප්පම් ගැනීම් , සිවිල් වැසියන් ඝාතනය වන එක අදටත් සිදුවෙනවා . බැරිවෙලාවත් එහෙම වුනානම් අදටත් ප්‍රභාකරන්ගේ යකඩ සපත්තුවට පෑගීලා තමයි උතුරු නැගෙනහිර ජනතාවට වගේම අපටත් ඉන්න සිදුවෙන්නේ .

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ තීරණයක් අරගෙන තියෙනවා ඒක පාර්ශවීයව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන්න . ශ්‍රී ලංකාව පැත්තෙන් කියන ඒවා නොසලකා හරින්න කියලා. අප ඉදිරිපත් කරන සත්‍ය කරුණු වලට ඉඩක් නෑ . L.T.T.E කරපු අපරාධ ගැන කතාවක් නැහැ. නැසබි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන මානව හිමිකම් උල්ලංගනය කරපු කතා ඔක්කොම ගොතපු ඒවා බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කිව්වා . නමුත් බැෂලේ ඒවා නොසලකා හැරලා පවා තියෙනවා. ඔන්න මානව හිමිකම් කොමසාරිස් ලගේ දෙබිඩි පිළිවෙත .

මෙම අවස්ථාවට මහා මාර්ග මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් පේමසිරි , මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එම් .දයාරත්න , මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වත්කම් කළමණාකරණ හා ආදායම් අංශයේ අධ්‍යක්ෂිකා රසාංජලී පරණගමගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ .

 

Post Views: 5
Previous Post

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදිතව මියයයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved