පළාත් කිහිපයක පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් සිඳීයෑමට පටන්ගෙන තිබීම නිසා ඕලු, නෙළුම් සහ මානෙල් මල් විකුණා ජීවත්වෙන පවුල් රැසක් අසරණ තත්ත්වයට පත්වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත ප්‍රසිද්ධ විහාරස්ථානවලට නුදුරින් පිහිටි මල් වෙළෙඳසල්වලට ලැබෙන මල් සැපයුම සියයට හැටකින් පමණ අඩුවී ඇති අතර, ඒ හේතුවෙන් එම මල් වෙළෙඳාම් කටයුතු ද සම්පූර්ණයෙන්ම අඩපණවී ඇතැයි වෙළෙන්දෝ පවසති.














