දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණද, අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුම් ස්වභාවය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය බලපානු ඇත. මීට අමතරව, සූර්යයා දකුණට ගමන් කිරීමේ දෘශ්‍යමය පිහිටීම හේතුවෙන් අද දහවල් 12:11ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














