යුක්‍රේන හමුදාව විසින් රුසියාවේ ඉන්ධන සැපයුම් ජාලය ඉලක්ක කර ගනිමින් දැවැන්ත යුද මෙහෙයුමක් දියත් කර තිබේ. රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ක්‍රිමියානු අර්ධද්වීපයට ඉන්ධන රැගෙන යාමට උත්සාහ කළ රුසියානු ‘සෙවණැලි නැව් සමූහයට’ (Shadow tankers) අයත් තෙල් නැව් 19ක්, භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ තොටුපළක් දින 3ක් ඇතුළත විනාශ කිරීමට යුක්‍රේන ඩ්‍රෝන බලකාය සමත්ව ඇත. මීට අමතරව, යුක්‍රේන සීමාවේ සිට කිලෝමීටර් 2,500ක් ඈතින් පිහිටි සයිබීරියාවේ රුසියාවට අයත් විශාලතම ‘ඔම්ස්ක්’ (Omsk) තෙල් පිරිපහදුවට ද යුක්‍රේනය ප්‍රථම වතාවට ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ හේතුවෙන් රුසියාව තුළ මෙන්ම ක්‍රිමියාව තුළ ද දැඩි ඉන්ධන අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කෙර්ච් පාලම (Kerch Bridge) සහ ගොඩබිම් මාර්ග අවහිර වීම නිසා රුසියානු හමුදාවලට මුහුදු මාර්ගයෙන් ඉන්ධන සැපයීමට ගත් උත්සාහය ද මේ අනුව අසාර්ථක වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්














