ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් තුළ උද්ගතව ඇති අනතුරුදායක තත්ත්වය සලකා ඩුබායි සහ සාජා බලා පියාසර කිරීමට නියමිත සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර ගුවන් යානා කිහිපයක් රඳවා තබා ගැනීමට සහ වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණ ද, කලාපීය යුදමය උණුසුම තවදුරටත් ඉහළ යාම නිසා ආරක්ෂක පියවරක් ලෙස සියලුම ගුවන් මෙහෙයුම් මෙලෙස නතර කර තිබේ. මේ හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ප්‍රධාන පර්යන්ත රැසක කටයුතු අඩාල වී ඇති අතර මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව අඛණ්ඩව සමාලෝචනය කරමින් සිටින බවත්, ගුවන් සීමාවන් යළි විවෘත කරන කාලය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ගුවන් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.












